අභාවයන් පිළිබඳ දැන්වීම් | දිනමිණ

අභාවයන් පිළිබඳ දැන්වීම්

ගුණපාල වික්‍රමරත්න (හිටපු විභාග කොමසාරිස්) - විශාඛා විද්‍යාලයේ විශ්‍රාමික ආචාරිනී විනිතාගේ සැමියා වූද,​ අජිත් (සිවිල් ඉංජිනේරු),​ මේධා (වෛද්‍ය විශේෂඥ - ජයවර්ධනපුර රෝහල),​ සර්ධා (වෛද්‍ය /​ සී.ඩී - ඇතුල්කෝට්ටේ) ධර්මන් (ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී) සහ මහීධා (පරිගණක ඉංජිනේරු - ජෝන් කීල්ස්) යන අයගේ පියාණන් වූද,​ රූපා (වරලත් ගණකාධිකාරිනී),​ අජිත් (ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු),​ ප්‍රියංග (වෛද්‍ය - වැලිකඩ බන්ධනාගාර රෝහල),​ වෙනුකා (ශ්‍රී ලංකන් ගුවන් සේවය),​ විරාජ් (පරිගණක ඉංජිනේරු - වර්චුසා) යන අයගේ මාමණ්ඩිය වූද,​ කොළඹ නාලන්ද විදුහල සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ හිටපු විදුහල්පති වන ප්‍රවීණ අධ්‍යාපනඥ ගුණපාල වික්‍රමරත්න මහතා අභාවප්‍රාප්ත විය. දේහය පිටකෝට්ටේ,​ රුක්මල් පෙදෙසේ 434/​3 නිවසේ 8 වන බදාදා දහවල් 12 දක්වා තැන්පත්කර ඇති අතර,​ පසුව එදිනම පස්වරු 1 සිට 4 දක්වා කොළඹ නාලන්දා විදුහලේ මහජන ගෞරවය සඳහා තබා ඇත. අවමංගල පෙරහැර පස්වරු 4.00 ට නාලන්දා වෙන් පිටත්වන අතර,​ ආදාහන කටයුතු 8 වන බදාදා පස්වරු 5 ට බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරේ. දුරකථනය. 071-2733986.088448

ද සේරම් - එදිරිසූරි මොහොට්ටිගේ සාලිය කුමාර - නීතිඥ රමණී ද සේරම් ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ නීතිඥ වරුණ ද සේරම් සහ නදීරා ද සේරම් වූන්ස්ටඩ් ගේ ආදරණීය පියාණන් වූද,​ රුක්ෂිලා සහ පීටර් ගේ දයාබර මාමණ්ඩිය වූද,​ ඇලේග්‍රා,​ රුවෙන් සහ එලිආනා ගේ ආදරණීය සීයා වූද,​ නැසීගිය ඩග්ලස් සහ හෙලන් ද සේරම්ගේ ආදරණීය පුතණුවන් වූද,​ නැසීගිය නීතිඥ ඩී. සී. ද සිල්වා සහ දයා ද සිල්වා ගේ දයාබර බැණනුවන් වූද,​ මල්කාන්ති,​ සුජාතා,​ මනෝරි සහ ජීවක ගේ දයාබර සොහොයුරු,​ 2018 අගෝස්තු මස 05 වන දින අභාවප්‍රාප්ත විය. 2018 අගෝස්තු මස 08 වන දින සවස 2.30 පානදුර මිනුවන්පිටිය සුසාන භූමිය වෙතට,​ ශ්‍රී මහ විහාර පාරේ,​ අංක 53,​ නිවසෙන් පිටත් වේ.088486

 


නව අදහස දක්වන්න

Or log in with...