Tuesday, අගෝස්තු 7, 2018 - 09:53
විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල නවක වධයට භාජනය වන සිසුන්ට ඒ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා හදිසි දුරකතන අංකයක් සහ විශේෂ කාර්යාලයක් පිහිටුවා ඇතැයි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එම කොමිෂන් සභාව සිසුන්ගේ ඉල්ලා සිටින්නේ නවක වධ සිද්ධියක් සිදු වූ වහා ම ඒ පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 011-2123700 හදිසි දුරකතන අංකයට වහා ම දැනුම් දිය බවයි.
එසේම ඒ ගැන විශ්වවිද්‍යාල බලධාරීන් ද දැනුම්වත් කොට අදාළ ප්‍රාදේශීය පොලිස් ස්ථානයට ද පැමිණිලි කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ට දැනුම් දෙයි.
නව අදහස දක්වන්න