මහ වැස්සෙන් මධ්‍යම චීනයට බරපතළ හානි | දිනමිණ

මහ වැස්සෙන් මධ්‍යම චීනයට බරපතළ හානි

වර්ෂාව සහිත අයහපත් කාලගුණයෙන් මධ්‍යම චීනයට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබේ.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බලපෑම් එල්ල වී තිබෙන අතර මධ්‍යම චීනයේ හෙනන් පළාතට ඇඳ හැළුණු අධික වර්ෂාවත් සමඟ එහි ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබේ.

ගංවතුරත් සමඟ මාර්ගයේ රථ වාහනවල සිරව සිටි පුද්ගලයන් 14 දෙනකු මුදා ගැනීමට සහන සේවකයන් කටයුතු කර තිබෙන අතර පළාතේ ගංගාවක් පිටාර ගැලීම හේතුවෙන් පසුගියදා උදෑසන කාලයේ මාර්ගයේ ට්‍රක් රථ 20කට වැඩි සංඛ්‍යාවක් සිරව තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රබල ජල ප්‍රවාහයක් වූ ඉන් රියදුරන්ට මහත් අසීරුතාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන අතර රියදුරන් සහ ප්‍රදේශවාසීන් ගංවතුරෙන් ආරක්ෂා වීම සඳහා වාහන මතට නැඟසිටි බවද එම වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් තොරතුරු ලද සැණින් විපතට පත්වූවන් වෙත කඩිනමින් ළඟා වූ සහන සේවකයන් ඔවුන් මුදාගැනීමට කටයුතු කළ බවද වාර්තා වෙයි.

 

නව අදහස දක්වන්න