වෙනිසියුලා ජනපති ඝාතන තැතට සැකපිට හයක් අත්අඩංගුවට | දිනමිණ

වෙනිසියුලා ජනපති ඝාතන තැතට සැකපිට හයක් අත්අඩංගුවට

වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝයි ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 6දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට ස්වදේශ කටයුතු ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

පෙරේදා (5) දිනයේ වෙනිසියුලානු ජනාධිපතිවරයා කර්කාස් නුවර පැවැති උත්සවයකට සහභාගීවෙමින් සිටිය දී ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර අදාල ප්‍රහාරයෙන් දිවි බේරා ගැනීමට ඔහු සහ ඔහුගේ බිරිය සමත් විය. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පුද්ගලයන් 7දෙනෙකු තුවාල ලැබූ බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට එරෙහිව උපරිම දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන අතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කොලොම්බියාවට චෝදනා එල්ල කළ ද එහෙත් එම චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්කි මේ වනතෙක් හමුවී නොමැති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

 

නව අදහස දක්වන්න