කරුණානිධි මියයයි - UPDATE | දිනමිණ

කරුණානිධි මියයයි - UPDATE

තමිල්නාඩු හිටපු මහ ඇමති මුත්තුවේල් කරුණානිධි (94) අභාවප්‍රාප්ත වෙයි.

කරුණානිධිගේ තත්ත්වය බරපතලයි - UPDATE

ජූලි 29 සිට කෞවේරි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු තමිල්නාඩු මහ ඇමති එම් කරුණානිධි ගේ තත්ත්වය නැවතත් බරපතල වී ඇති බවට ඊයේ (06) සවස එම රෝහලෙන් ලත් නිල නිවේදනයේ දැක්වේ.

ඊයේ රාත‍්‍රියේ සිට ඩී.එම්.කේ පක්ෂ සාමාජිකයන් රැසක් හා විශාල ජනකායක් කෞවේරි රෝහල් පරිශ‍්‍රයේ ම රැඳී සිටි බව සදහන් ය.

රෝහලේ ආරක්ෂාව වෙනුවෙන් 500 ත් 600කටත් ආසන්න විශාල පොලිස් ආරක්ෂාවක් මේ වන විටත් රඳවා ඇත.

එමෙන් ම ඉදිරි පැය 24 අවදානම් සහගත යැයි ඉන්දීය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.


නව අදහස දක්වන්න

Or log in with...