ඇහැලියගොඩට කටගැස්ම දෙන අය | දිනමිණ

ඇහැලියගොඩට කටගැස්ම දෙන අය

සෑම නගරයකම පාහේ මහමග අයිනේ වෙනස් ආයුරින් ආහාරමය නිෂ්පාදන අලෙවි කරන කාගේත් අවධානකට ලක් නොවන වෙළෙඳුන් පිරිසක් වෙති. ඔවුන් ‘ටේස්ට් කරත්ත වෙළෙඳුන්‘ ලෙස හැඳින්විය හැකි ය.

ඔවුන් දවස තිස්සේ ම වෙළඳාම කරනුයේ හිටගෙන ය. අව්ව-වැස්ස, වාහන දුමාරය, නොනවතිත ඝෝෂාව ඔවුන්ට වගේ වගක් නැත්තා සේය.

ඇහැලියගොඩ පොලිස් ස්ථානය අසළ සිට යායපාර දක්වා කිලෝමීටර භාගයක පමණ විවිධ මාදිලියේ ‘ කට ගැසුම්‘ වර්ග නිපදවා අලෙවියේ යෙදෙන රෝද තුනේ කරත්ත වෙළෙඳුන් පහළොස් දෙනකු පමණ වෙළෙඳාමේ යෙදෙති. ඉන් දෙදෙනෙක් කාන්තාන්‍ව වීම ද විශේෂයකි.

ඇතැම් අය වසර 15 ක් 20 ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ මෙම වෙළෙඳාමේ නියැළෙති. ඔවුන්ගෙන් බහුතරයක් පවසන්නේ උපයන මුදල සිය දරු පවුල නඩත්තු කිරීමට යන්තමින් සෑහෙන බවයි.

ඒ.මොහිදීන් -

මම මේ වෙළඳාමේ දී පිරිසුදුකම ගැන සැලකිලිමත් වෙනවා. වතාවක් ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් නගරයේ ඉන්න ටේස්ට් කරත්ත වෙළෙනදෝ කැඳවා වැඩ මුළුවක් තිබ්බා. එහිදි කෑම ජාති නිපදවීමෙ දී සහ අලෙවියේදී පිළිපැදිය යුතු ක්‍රම සහ විධි ගැන දැනුමක් ලබා දුන්නා. මං වෙළඳාම් කරන්නේ ඒ අනුවයි.

සෝමා පියරත්න -

නගරයේ ටේස්ට් වර්ග අලෙවි කරන අයගෙන් වැඩි දෙනෙක් මුස්ලිම් ජාතිකයෝ.අපි සහයෝගයෙන් මේ වෙළඳාම කරනවා. අප කරා එන පාරිභෝගිකයින්ට රසට-පිරිසුදුවට මේ ජාති ලබා දීමට මං නිතරම වෙහෙසෙනවා. මම මේ රස්සාව කරන්නේ හරිම ආසාවෙන්.

මොහමඩ් නියාස් -

දැනට කඩල, උඳු සහ පොල්තෙල් මිල පහළ බසිනවා නම් අපට ලොකු සහනයක්.

එම්.රිස්වාන් -

මුලු දවසම හිටගෙන, අව්වට වේලෙමින්, වැස්සට ‍තෙමෙමින් වෙළඳාම් කරන නිසා ශරීර සෞඛයයට ලොකු තර්ජනයක්. නමුත් මොනවා කරන්නද ජීවත් වෙන්න එපැයි වැරදි වැඩ නොකර.

නව අදහස දක්වන්න