අධිකරණයට අපහාස කළැයි විග්නේෂ්වරන්ට නොතීසි | දිනමිණ

අධිකරණයට අපහාස කළැයි විග්නේෂ්වරන්ට නොතීසි

අභියාචනාධිකරණය විසින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් ඇතුළු තුන්දෙනෙකුට අද නොතීසි නිකුත් කළේය.

ඒ අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරිම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 07 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි.

මෙසේ කරුණු දක්වන මෙන් නොතිසි නිකුත් කරන සෙසු පළාත් අමාත්‍යවරුන් වන්නේ ආනන්දි සසිදරන් සහ කේ.සිවනේසන් යන අයයි.

අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු අමාත්‍ය පී ඩෙනීෂ්වරන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල විසින් නොතීසි නිකුත් කිරීම සිදු කර තිබේ.

එහෙත් එම නියෝග ක්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැහැර හැරීම තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද  හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමෙන් චෝදනා කර ඇත.


නව අදහස දක්වන්න