කරුණානිධිගේ ඥාතීන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි | දිනමිණ

කරුණානිධිගේ ඥාතීන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

තමිල්නාඩුවේ හිටපු මහ ඇමති මුතුවෙල් කරුණානිධිගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා චෙන්නයි මරීනා වෙරළ තීරයේ කොටසක් ලබාදෙන ලෙස ඉල්ලා ඥාතීන් කළ ඉල්ලීම තමිල්නාඩු පාලනය ප්‍රතික්ෂේප කර තිබේ.

තමිල්නාඩු රජය පැවසුවේ ඉල්ලීම වෙරළාරක්ෂක නීතිවලට පටහැනි බවයි. මේ පිළිබඳව කරුණානිධි මහතා නියෝජනය කරන ඩීඑම්කේ පක්ෂය මදුරාසි මහාධිකරණයේ පෙත්සම් දෙකක් ද ගොනු කර ඇතැයි සදහන් වේ.

කෙසේ වෙතත් මහත්මා ගාන්ධි අනුස්මරණ මණ්ඩපය පිහිටි භූමියේ කරුණානිධි මහතාගේ දේහය භූමදාන කිරීමට අක්කර දෙකක භූමියක් ලබාදිය හැකි බව ඩීඑම්කේ පක්ෂය වෙත තමිල්නාඩු රජය දැනුම් දී තිබේ. එහෙත්, ගොනු කරනු ලැබූ පෙත්සම් දෙක මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් විභාගයට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

මරීනා වෙරළ තීරයේ ඉඩ ලබා නොදීමට හේතු අධිකරණයට දක්වන්නැයි, තමිල්නාඩු පාලනයට මහාධිකරණය නියෝග කර තිබේ.

 

 

 

 

 

 

නව අදහස දක්වන්න