මහ බැංකුව අලුත් වෙයි | දිනමිණ

මහ බැංකුව අලුත් වෙයි

 

“විෂම චක්‍රය බිඳ දැමීම” යන තේමාව යටතේ වසර 2017 – 2021 සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එලිදැක්වූ තම උපායමාර්ගික සැලැස්මට අනුව එහි සෑම දෙපාර්තමේන්තුවකම කාර්යසාධනය මාස තුනකට වරක් සමාලෝචනය කරනු ලැබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ‍රටේ ආර්ථිකයේ දියුණුවට ලබාදෙන සේවා හා බැඳුණු කාර්යසාධන ගණන් බැලීම බැංකුවටත්, රටටත් ඉතා වැදගත් බව ද මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තම උපායමාර්ගික සැලසුම්කරණයට හඳුන්වා දිය යුතු ‍යෝග්‍යතා වැඩිදියුණු කිරීම් අන්තර්ගත කිරීම සඳහා ප්‍රතිපත්ති සමාලෝචන හා නිරීක්ෂණ‍ දෙපාර්තමේන්තුව බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඩ් (Bank of England) හි සහයෝගය ලබාගෙන ඇත.

ඉන් අනතුරුව ඉහළපෙළේ සාකච්ඡා, කතිකා සම්මුති හරහා බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය තම උපායමාර්ගික සැලසුම ප්‍රමුඛතා හයක් යටතේ සම්පාදනයකොට ඇත. මෙම උපායමාර්ගික ප්‍රමුඛතා ක්‍රියාත්මක කිරීම සඳහා ම කාර්යසාධක බළකායක් පිහිටුවා ඇති අතර, එතුළින් බැංකුවේ කාර්යසාධනය ඉලක්ක කොට ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වා තිබේ.

මේ සැලැස්මට අනුව වසර 2018 සිට 2020 තුන් අවුරුදු කාලපරිච්ඡේදය සඳහා සමස්ත බැංකුව සඳහා වන උපායමාර්ගික අරමුණු ඇතුළත්කොට සංකල්ප පත්‍රිකා හයක්ද පිළියෙළ කොට ඇත. මහ බැංකුවේ දෙපාර්තමේන්තු ක්‍රියාමාර්ග සැලසුම් වැඩිදියුණු කරමින් හා ඉදිරි තුන් අවුරුද්ද තුළ වසරින් වසර මෙහෙයුම් කටයුතු වේගවත් කරමින් ඉදිරියට යාමට මේ මගින් මහ බැංකුව බලාපොරොත්තුවේ.

ජයසිරි මුණසිංහ

 

නව අදහස දක්වන්න