පොදු රාජ්‍ය මණ්ඩ­ලීය මහ ලේකම් මලික් හමුවෙයි | දිනමිණ

පොදු රාජ්‍ය මණ්ඩ­ලීය මහ ලේකම් මලික් හමුවෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සමඟ සුවිශේෂී හමුවක්

එම අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම හමුව සඳහා මහ ලේකම්තුමිය සමඟ මහලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සෙන්යෝ අක්බොලා (Senyo Agbohlah), මාධ්‍ය සහ මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂ මහාචාර්ය බර්නි චෞද්රි ආසියා හා යුරෝපා කලාපයේ දේශපාලන නිලධාරී ජොනතන් චෙන් සහ සහකාර සංනිවේදන නිලධාරී ස්නෝබර් අක්බාසි යන අය සහභාගී විය.

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය, අමාත්‍යංශයේ උපදේශකවරු වන මංගල යාපා මහතා සහ අනුෂ්ක විජේසිංහ යන මහත්වරු මෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මිය, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්ද මෙම හමුව සඳහා සහභාගී විය.

නව අදහස දක්වන්න