‘Hotel Show Colombo 2018’ උත්කර්ශවත් ලෙස | දිනමිණ

‘Hotel Show Colombo 2018’ උත්කර්ශවත් ලෙස

මෙරට ආගන්තුක සත්කාර හා සංචාරක ක්ෂේතයේ දැවැන්තම ප්‍රදර්ශනය වන ‘Hotel Show Colombo 2018‘, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා විවෘතවිය. සංචාරක රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ සහ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලංකා හෝටල් පාසල් උපාධිධාරීන්ගේ සංගමය, සිය වෘත්තීය ඉසව් සහකරුවන CDC Events ආයතනය හා එක්ව සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය 2018 ජූලි 20 සිට 22දා දක්වා පැවැති අතර නරඹන්නන් විශාල ප්‍රමාණයක් ඊට සහභාගී වූහ. සංචාරක කර්මාන්තයේ නිෂ්පාදන සේවා මෙන්ම Colombo Food Fest වැඩසටහනින් ද සමන්විත වූ මෙම ප්‍රදර්ශනය, සංචාරක කර්මාන්තයට අදාළව කලාපයේ වඩාත් කැපීපෙනෙන ප්‍රදර්ශනය වීම ද විශේෂත්වයකි.

මෙම ප්‍රදර්ශනය හරහා සංචාරක ක්ෂේත්‍රයේ නව සොයාගැනීම් සඳහා කේන්ද්‍රයක් බඳු ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු සිදුකිරීමටත් සබඳතා ගොඩනඟාගැනීමටත් කලාපීය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වෘත්තීකයින්ට කදිම අවස්ථාවක් නිර්මාණය විය. එමෙන්ම සංචාරක කර්මාන්තයේ නවතම ප්‍රවණතා පිළිබඳ දැනුවත්වන අතරේ හෝටල්කරුවන් සහ සංචාරක කර්මාන්තයේ ව්‍යවසායකයින්ට තම ආගන්තු සත්කාර ව්‍යාපාර ගොඩනඟාගැනීමට, දියුණු කිරීමට හා පවත්වාගෙන යෑමට ද සහාය වන වේදිකාවක් නිර්මාණය කිරීමට හැකිවිය. සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා වැඩිදියුණු කරගැනීම, දැනුම හා තොරතුරු හුවමාරු කරගැනීම, ව්‍යාපාර අවස්ථා සහ උපක්‍රමික සහයෝගීතා ඇතුළු ප්‍රතිලාභ රැසක් ද මෙම ප්‍රදර්ශනයට සහ සමුළුවට එක්වූවන්ට හිමිවිය.

මේ අතර National Barista Championship, National Room Stylist Challenge, Ceylon Tea Masters’ Cup සහ Master Class වැනි ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට අදාළ තරග ඉසව් කිහිපයක්ද ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වුණි. නරඹන්නන් හට විවිධ ආහාර රටාවන්ට අයත් කෑමබීම රැසක් රස විඳීමේ අවස්ථාව උදාකළ Colombo Food Fest ද මෙහි ඉහළ ආකර්ෂණයක් හිමිකරගත් වැඩසටහනක් විය.

ජාත්‍යන්තර විනිසුරු මඬුල්ලක සහභාගීත්වයෙන් පැවැති National Barista Championship තරගයේ කෝපි රස විඳීමට, ප්‍රදර්ශනය පටන්ගැන්ම සඳහා එක්වූ නරඹන්නන්ට හිමිවිය. කෝපි පානය හා බැඳුණු බොහෝ කරුණු අඩංගු වූ එම අවස්ථාව බොහෝදෙනෙකුට වටිනා අත්දැකීමක් ලබාදුනි. කෝපි සෑදීමේ ප්‍රවීණයින් අතින් හැඩගැන්වුණු මෙම කෝපි පිළිගැන්වීමේ මොහොත උසස්ම කෝපි වර්ගවල රසයෙන් හා සුවඳින් සමන්විත වූ අතර කෝපි සෑදීමේ විවිධ ක්‍රම පවා ආරාධිතයින්ට කියාදෙනු ලැබිණි. කෝපි රස බැලීමේ අවස්ථාව උදාවූයේ ඉන් අනතුරුව ය.

නව අදහස දක්වන්න