සුහානා ඛාන්ගේ සේයාරුව කවරයේ ඡායාරූපයට ගැනීම: වෝග් සඟරාවට චෝදනා | දිනමිණ

සුහානා ඛාන්ගේ සේයාරුව කවරයේ ඡායාරූපයට ගැනීම: වෝග් සඟරාවට චෝදනා

බොලිවුඩයේ රජු ලෙස හඳුන්වන පුද්ගලයාගේ දියණිය කවරයේ ඡායාරූපයකට යොදා ගැනීම ඥාති සංග්‍රහයක් බවට සුප්‍රකට වෝග් සඟරාවට චෝදනා එල්ල වෙමින් පවතී. වෝග් සඟරාවේ පිටකවරය සාමාන්‍යයෙන් වෙන් කෙරුණේ තමන් නිරතවූ ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ සිටි නිරූපිකාවන්ට, නිළියන්ට හෝ ගායිකාවන්ට වන නමුත්, කවරයේ ඡායාරූපයක් පළ කිරීමට තරම් සුහානා ඛාන් කළ දෙයක් නොමැති බව ඔවුහු පවසති.

සුහානා ඛාන්ගේ පළමු නිරූපණ ඡායාරූප එකතුව මෙන්ම පළමු සම්මුඛ සාකච්ඡාව ද මෙය වන නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ කෝපයෙන් යුතුව අදහස් පළකරමින් සිටියි. එම ප්‍රකාශවලින් අවංකවම සිත් නොරිදෙනවායි කිව නොහැකි බව ඍණාත්මක අදහස්වලට ප්‍රතිචාර දක්වමින් සුහානා ඛාන් පවසයි.

නව අදහස දක්වන්න