ඉන්දුනීසියාවේ වසර 15ක් ගුහාවක සිරකර සිටි කතක් බේරාගනී | දිනමිණ

ඉන්දුනීසියාවේ වසර 15ක් ගුහාවක සිරකර සිටි කතක් බේරාගනී

වසර 15ක් පුරා යකැදුරෙකු විසින් ගුහාවක සිර කරගෙන සිටි 28 හැවිරිදි කාන්තාවක් ඉන්දුනීසියාවේ සුලවෙසී පොලිසිය විසින් බේරා ගෙන ඇත. 83 හැවිරිදි වියේ පසු වන මේ පුද්ගලයා මෙසේ සිර කර සිටි කාන්තාව පැහැර ගෙන ඇත්තේ ඇයට වයස අවුරුදු 13 දීය. භූතයකු හෝ ආත්මයක් විසින් ඇයව රඳවා තබා සිටින බවට ඇයව බිය වද්දා ඇයට ඉන් පැන යාමට නොහැකි වන සේ මානසික පීඩාවට ලක් කර ඇත.

වාර්තා වන අන්දමට රාත්‍රී කාලයේ ඇයව සිය නිවසට රැගෙන ගොස් ඇති අතර දශකයකට අධික කාලයක් පුරා ඇය ඔහුගේ ලිංගික අතවරයට ලක් වී ඇත. ඇය 13 වැනි වියේ පසු වෙද්දී යම් කිසි ශාන්ති කර්මයක් සඳහා ඔහු වෙත රැගෙන විත් ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ රැඳී සිට ඇත. මාස කිහිපයකින් ඇය අතුරුදන් වූ පසු ඔහු එම දැරියගේ මවුපියන්ට පවසා ඇත්තේ ඇය රැකියා සඳහා ජකර්තාවට ගිය බවයි. වසර ගණනක් පුරා ඇයගේ පවුලේ සාමාජිකයින් ඇය සෙවූ නමුත් කිසිදු හෝඩුවාවක් හමු වී නැත.

 

නව අදහස දක්වන්න