ඇමරිකාවෙන් රුසියාවට සම්බාධක | දිනමිණ

ඇමරිකාවෙන් රුසියාවට සම්බාධක

මේ මස 22 වනදා සිට රුසියාවට නව සම්බාධක පැනවීමට ඇමරිකාව තීරණය කර අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර අැත්තේ ඉදිරි මාස 03 න් පසු මෙම සම්බාධක තවදුරටත් දැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.

ස්නායුවලට හානිකර රසායනික භාවිත කරන බවට රුසියාවට එල්ලවූ චෝදනා පදනම් කරගනිමින් මෙම සම්බාධක පැනවූ බව ඇමරිකානු බලධාරින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් රුසියාව මෙම චෝදනා යළිත් වරක් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළාහ.

නව අදහස දක්වන්න