මිල කළ නොහැකි වාලම් පුරියක් පොලීස් අත්ඩංගුවට | දිනමිණ

මිල කළ නොහැකි වාලම් පුරියක් පොලීස් අත්ඩංගුවට

හබරාදුව පොලීසියේ දුෂණ මර්ධන අංශයේ නිළධාරීන්ට ලැබුනු තොරතුරක් මත අක්මීමණ වලහන්දුව පහළවත්ත ප්‍රදේශයේදී මිල කළ නොහැකි වාම වෘත ඉදිරිපස සිංහ මුහුණක් සහිත ග්‍රෑම් 385ක් බරැති වාලම් පුරියක් සමඟ සැකකරුවකු ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුට කොළඹ පදිංචි අයෙකුගෙන් වාලම්පුරිය ලැබුනු බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.

සිද්ධිය සම් බන්ධයෙන් හබරාදුව පොලිසීය පරීක්ෂණ පවත්වයි.

(දික්වැල්ලේ තිලකරත්න ගාල්ල උතුර සමුහ)


නව අදහස දක්වන්න