‘ශේරු ක්ලැසික් ඉන්දියා’ ලෝක කායවර්ධන ශූරතාවලිය | දිනමිණ

‘ශේරු ක්ලැසික් ඉන්දියා’ ලෝක කායවර්ධන ශූරතාවලිය

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති, ‘ශේරු ක්ලැසික් ඉන්දියා’ ලෝක කායවර්ධන ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී රන් පදක්කම දිනාගත් අමිල මුණසිංහ ඊයේ (9) පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

එම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් චමීර දුෂ්‍යන්ත සහ මහජන සම්බන්ධතා නිලධාරි මාලක වීරසිංහ යන මහත්වරුන් ද සහභාගි වූහ.

නව අදහස දක්වන්න