කොළඹ - කතරගම බස් රථයක් නෝනගමදී වැවකට පෙරළෙයි | දිනමිණ

කොළඹ - කතරගම බස් රථයක් නෝනගමදී වැවකට පෙරළෙයි

කොළඹ කතරගම පෞද්ගලික බස් රථයක් අද (10) අළුයම නෝනගම වැව් වංගුවේ දී වැවට පෙරළිමෙන් එක් මගියෙක් මිය ගොස් තවත් කිහිපදෙනෙකුට සුළු තුවාල ලබා ඇති බව වර්තාවේ.

පොලීසිය සඳහන් කර ඇත්තේ බස් රථය කොළඹ සිට කතරගම බලා අධික වේගයෙන් ධාවනය වෙමින් තිබිය දී දුරකථන කණු හතරක් කඩා බිඳ දා ගෙන නෝනගම වැව් වංගුවේ දි වැවට පෙරළී ඇති බවයි. 

අනතුරට ලක් වු බස් රථයේ දොරටු දෙකම වැව් පතුලට යටවී තිබූ හෙයින් බස් රථයේ හදිසි දොරටුවෙන් මගීහු එළියට ගත් බව ප්‍රදේශ වාසීහු ප්‍රකාශ කරති.

 බස් රථයේ පාපුරුවේ ගමන් ගත් බස් රියදුරෙක් මෙම අනතුරින් බරපතල තුවාල ලබා එම ස්ථානයේ දීම මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ යද්දෙහිගේ රසික ගයාශාන් නැමැති පුද්ගලයෙකි.

බස් රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ,බස් රථයේ රියදුරා ලෙස බස් රථයේ කොන්දොස්තර අනතුරට පත්වන අවස්ථාවේ දි බස් රථය පදවා ඇති බව බස් රථයේ ගමන් ගත් මගීහු සඳහන් කරති.

( ලුණම සමූහ සනත් ගමගේ)


නව අදහස දක්වන්න

Or log in with...