පාතාල සාමාජික - මල්වත්තේ මංජු අත්අඩංගුවට | දිනමිණ

පාතාල සාමාජික - මල්වත්තේ මංජු අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මංජුල චමින්ද ඇල්වල නොහොත් මල්වත්තේ මංජු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

ඊයේ පස්වරුවේ ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය පෑලියගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 840 ක්, මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 05 ක්, අන්සතු විදේශ ගමන් බලපත්‍ර 05 ක්, රියදුරු ගමන් බලපත්‍ර 02 ක් සහ ජාතික හැදුනුම්පත් 37 ක් ඇතුළු ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇතැයි ද සදහන්.

 


නව අදහස දක්වන්න

Or log in with...