මිල සූත්‍රය අනුව තෙල් මිලේ ඉහළ යෑමක් | දිනමිණ

මිල සූත්‍රය අනුව තෙල් මිලේ ඉහළ යෑමක්

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාක්මක වන පරිදි මිල සූත්‍රය අනුව OCTANE 95 වර්ගයේ ඉන්ධන රුපියල් 02කින් හා සූපර් ඩීසල් රුපියලකින් වැඩි වී තිබේ.

ඒ අනුව මෙතෙක් රුපියල් 155 ක්ව පැවති OCTANE 95 වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රිෙය් සිට රුපියල් 157 දක්වා ඉහළ යන අතර 129 ක්ව පැවති  සූපර් ඩීසල් වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 130 ක් දක්වා ඉහළ ගොස් ඇත..

අනෙකුත් ඉන්ධන වර්ගවල කිසිඳු වෙනසක් සිදු නොවන බව අද මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මිල ගණන් අනුව සෑම මසකම 10 වන දා සිට ක්‍රියාත්මක කිරීමට හඳුන්වා දුන් මිල සුත්‍රය අනුව මෙම මිල තීරණය කර ඇත.

නව අදහස දක්වන්න