ලබන ඉරිදා සිට කාලගුණය වෙනස් වෙයි | දිනමිණ

ලබන ඉරිදා සිට කාලගුණය වෙනස් වෙයි

අගෝස්තු මස 12වනදා සිට දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
 
වයඹ පළාතේ සිහින් වැසි ඇතිවිය හැකි බව සදහන් ය.
 
එසේම මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල, මාතලේ සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සදහන් කරනු ලැබේ.

නව අදහස දක්වන්න