සිම්බාබ්වේ හිටපු මුදල් අමාත්‍යවරයා අත්අඩංගුවට | දිනමිණ

සිම්බාබ්වේ හිටපු මුදල් අමාත්‍යවරයා අත්අඩංගුවට

සිම්බාබ්වේ විපක්ෂ දේශපාලන නායකයෙකු වන සහ එරට හිටපු මුදල් අමාත්‍යවරයෙක් වූ ටෙන්ඩායි බීට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍යවරයා සිය රටින් පලායාමට උත්සාහ දැරීමේදි අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ජනාධිපති එමර්සන් මනන්ගග්වාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ නෙල්සන් චමිසා සමඟ මැතිවරණ සන්ධානයක් ගොඩ නැගීම සදහා හිටපු මුදල් ඇමති ටෙන්ඩායි බීට් කටයුතු කර තිබුනි. කෙසේ නමුත් පසුගි‍ය සතියේ දී පැවැති ආරවුල් කිහිපයකින් පසු මොහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් ය.

හිටපු මුදල් අමාත්‍යවරයා සැම්බියාවේ රකවරණ පතා මෙලෙස දේශ සීමාව හරහා රටින් පිටවීමට උත්සාහ දරා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

ඔහුගෙන් ප‍්‍රශ්න කිරිම් සිදුකරන බව සිම්බාබ්වේ බලධාරින් පවසයි.

නව අදහස දක්වන්න