කුඩා ව්‍යාපෘති අරඹන කාන්තාවන්ට මුදල් | දිනමිණ

කුඩා ව්‍යාපෘති අරඹන කාන්තාවන්ට මුදල්

කමනි අල්විස්

බිම් මට්ටමේ ව්‍යාපෘති ඇරැඹීමට නව ක්‍රමවේදයක් යටතේ කාන්තාවන්ට මූල්‍ය පහසුකම් ලබාදීමට ක්‍රියා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ගම්පෙරළිය වැඩසටහනට අමතරව කාන්තා දායකත්වය ඍජුව ලබාගනිමින් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව පැවැසූ අගමැතිවරයා මේ සම්බන්ධ සියලු තොරතුරු යථා කාලයේ දී අනාවරණය කරන බවත් ප්‍රකාශ කළේය. එම කටයුත්තට අදාළ ක්‍රමවේද සම්බන්ධව සොයාගෙන යන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයන්ට වෙනස්ව මේ කටයුත්ත කාන්තා දායකත්වය යටතේ බිම් මට්ටමේ ව්‍යාපෘති වෙනුවෙන්ම ඇති කෙරෙන බවටත් අගමැතිවරයා අවධාරණය කළේය.

කාන්තා නායිකාවන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (10) අරලියගහ මන්දිරයේ දී පැවැති වැඩමුළුවේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නුදුරේ දී ක්‍රියාවට නංවන මේ වැඩපිළිවෙළ පිළිබඳ අනාවැකියක් පළ කළේය.

නව අදහස දක්වන්න