කොට්ටාවේ කාන්තාවක කපා කොටා මරා දමලා | දිනමිණ

කොට්ටාවේ කාන්තාවක කපා කොටා මරා දමලා

විජයානි එදිරිසිංහ

* දියණියටත් කැපුම් තුවාල
* සැක කතිකාචාර්යවරයා සොයා පරීක්ෂණ

කොට්ටාව සුහද මාවතේ දෙමහල් නිවෙසක ඊයේ (10) අලුයම කාන්තාවක් කපා කොටා මරා දමා ඇයගේ දියණියට ද කැපුම් තුවාල සිදු කර පලා ගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දියණියගේ පෙම්වතා බව කියන කතිකාචාර්යවරයෙක් සොයා කොට්‍ටාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මේ කතිකාචාර්යවරයා පෞද්ගලික විශ්වවිද්‍යාලයක කතිකාචාර්ය ධුරය දරන බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත.

මේ පහර දීමෙන් තුවාල ලබා ඇති දියණිය හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පැවැසේ. ඇයගෙන් ලබාගත් තොරතුරු මත මේ පුද්ගලයා විසින් ඇයගේ මවට සහ ඇයට පහර දුන් බව පවසා ඇතත් එසේ සිදු කිරීමට හේතුව ඇය විසින් හෙළි කර නැති බවත් පොලිසිය කියයි. සැකකාරිය අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරයි.

නව අදහස දක්වන්න