වාලම්පුරිය විකිණිමට යෑමේ දී අල්ලයි | දිනමිණ

වාලම්පුරිය විකිණිමට යෑමේ දී අල්ලයි

හබරාදුව පොලීසියේ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අක්මීමණ වලහන්දුව පහළවත්ත ප්‍රදේශයේදී මිල කළ නොහැකි වාම වෘත්ත ඉදිරිපස සිංහ මුහුණක් සහිත ග්රෑම් 385ක් බරැති වාලම්පුරියක් සමග සැකකරුවකු හබරාදුව පොලීසිය මගින් (09) අත් අඩංගුවට ගෙන තිබේ.

වලහන්දුව ප්‍රදේශයේ පුද්ගලයකු වාලම්පුරියක් විකිණීමට කෙනෙකු සොයමින් සිටින බවට පොලිසියට තොරතුරක් ලැබි ඇත. ඒ අනුව ක්‍රියාත්මකවු පොලිස් නිලධාරියකු ගැනුම්කරුවකු ලෙස වෙස්වලා ගෙන ගොස් වාලම්පුරිය මිලදී ගැනිමට කැමති බව සැකකරුට පවසා ඇත. ඊටපසු වාලම්පුරිය වෙස්වලා ගත් ගැනුම්කරුට පෙන්වා මිල ගැන කතා කරමින් සිටින විට කඩා වැදුණු පොලිසිය වාලම්පුරිය සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අමෙරිකාවේ සිට පැමිණි මිතුරෙකු තමාට මෙම වාලම්පුරිය තෑග්ගක් ලෙස දුන් බව සැකකරු පොලිසියට පවසා තිබේ. හැට හැවිරිදි සැකකරු වලන්දුවේ පදිංචිකරුවෙකි. සැකකරු අධිකරණය වෙත ඊයේ (10) ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

සිද්ධිය සම් බන්ධයෙන් හබරාදුව පොලීසියේ පො.සැ. 195 ජානක පො.සැ.59051 දයාරත්න යන නිළධාරීන් හබරාදුව පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ උප දෙස් පරිදි වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

දකුණු පළාත් සංචාරක, ගාල්ල උතුර සමුහ

 

නව අදහස දක්වන්න