සිරියානු ජනපති ආර්යාවට පිළිකාවක් | දිනමිණ

සිරියානු ජනපති ආර්යාවට පිළිකාවක්

සිරියානු ජනාධිපති ආර්යාව පියයුරු පිළිකාවක් වැළඳීම හේතුවෙන් ප්‍රතිකාර ලබන බව ජනාධිපති කාර්යාලය තහවුරු කරයි. ලන්ඩනයේ උපත ලබා එහිම හැදී වැඩුණු අසාද් මහත්මියගේ පිළිකා තත්ත්වය මූලික අවධියේ දී හඳුනා ගත් බව පැවසේ.

ඇයගේ ඡායාරූපයක් ටිවිටර් වෙත නිකුත් කරමින් ජනාධිපති හා කණ්ඩායම ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව සටහන් කර තිබේ. මෙමගින් පිළිකාව යනු සැඟවිය යුතු රෝගී තත්ත්වයක් නොව ප්‍රතිකාර ලබා පාලනය කර ගත හැකි රෝගී තත්ත්වයක් බවට කදිම පණිවිඩයක් ලෙස විදෙස් මාධ්‍යයේ අවධානයට ලක් වී තිබේ.

නව අදහස දක්වන්න