හිරු - නාසා ගමන දිනකින් පමා වෙයි | දිනමිණ

හිරු - නාසා ගමන දිනකින් පමා වෙයි

හිරු වෙත ඍජුව ගමන් කරන ප්‍රථම අභ්‍යවකාශ යානය, උඩු ගුවන බලා නික්මීම දිනකින් පමා කිරීමට ඇමරිකානු නාසා ආයතනය පියවර ගෙන තිබේ.

ඒ, පාකර් සූර්ය ගවේෂකයේ කාර්මික දෝෂයක් හේතුවෙන්.

නාසා ආයතනය විශ්වාසය පළ කරන්නේ, හිරුගේ අවකාශයේ අභිරහස් සොයා එම යානය හෙට දිනයේ යැවීමට හැකිවනු ඇති බවයි.

පාකර් හිරු ගවේෂණ යානය උඩුගුවනට යවනු ලබන්නේ මෙතෙක් නිර්මිත විශාලතම රොකට්ටුව උපයෝගී කරගනිමින්.

එය තත්පරයකට කිලෝමීටර 190 ක වේගයකින් ගමන් ගන්නා පාකර් යානය හිරුට කිලෝමීටර මිලියන 6.12 ක් ආසන්නයට ගමන් කරයි.

එහිදී සෙන්ටිගේ‍්‍රඩ් අංශක 1300 ඉක්මවූ උෂ්ණත්වයකට මුහුණදෙනු ඇති.

පාකර් හිරු ගවේෂණ යානය ඩොලර් බිලියන 1.5 ක පිරිවැයකින් නිෂ්පාදනය කර ඇත.

නව අදහස දක්වන්න