සිමෙන්ති මලු සිය ගාණක් මහ පාරේ | දිනමිණ

සිමෙන්ති මලු සිය ගාණක් මහ පාරේ

ලොරියක පටවාගෙන යමින් තිබූ සිමෙන්ති තොගයක් ඊයේ (12) අලුයම 4.00 ට පමණ මීගහකිවුල තල්දෙන ප්‍රදේශයේ දී ලොරියෙන් ඉවතට විසිවී මාර්ගයේ එක් මංතීරුවක මීටර් 60ක් පමණ අවහිර වන පරිදි විසිරී යාම හේතුවෙන් පැය තුනකට ආසන්න කාලයක් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල විය.

සිමෙන්ති තොගය ලොරි රථයේ ඇසුරුම් කිරීමෙන් පසුව ගැට ගසා තිබූ ලණූ බුරුල් වී ඇති අතර එම ස්ථානයේ වූ වංගුව හරවනවාත් සමඟ ම සිමෙන්ති තොගයෙන් කොටසක් ලිස්සා ගොස් බිම දිගේ ඇද වැටෙන්නට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

අනතුරින් ලොරි රථයට කිසිදු හානියක් සිදුව නොමැති අතර මාර්ගයේ තැන තැන සිමෙන්ති මලු සියයකට අධික ප්‍රමාණයක් විසිර තිබෙනු දක්නට ලැබිණී.

කම්කරු පිරිසක් විසිරී ගිය සිමෙන්ති එකතු කර මාර්ග අවහිරතාව ඉවත් කිරීමට කටයුතු කරනු දක්නට ලැබුණූ අතර දුහුවිල්ලේ නාමින් ප්‍රදේශයේ කුඩා දරු පිරිසක් ද විසිරී ගිය සිමෙන්ති මලුවලට එකතු කරනු දැක ගන්නට ලැබිණි.

මීගහකිවුල සමූහ එන්. නවරත්න
ජායාරූපය-මීගහකිවුල සමූහ 


නව අදහස දක්වන්න

Or log in with...