යටලමත්ත පාරේ වැඩ යට ම යන්නේ ඇයි? | දිනමිණ

යටලමත්ත පාරේ වැඩ යට ම යන්නේ ඇයි?

ගාල්ල මාපලගම ප්‍රධාන මාර්ගයේ රුක්මලගොඩ සිට ගම්මාන රැසකට ඉතා පහසුවෙන් ළඟා විය හැකි යටලමත්ත බෙම්බඩ මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇති බව මඟී ජනතාව පවසති. මාර්ගයේ ස්ථාන රැසක විශාල වළවල් හෑරී තිබේ. මාර්ගය හරහා බෙම්බඩ කන්ද, බෙම්බඩ පහළ, උනන්විටිය, ඌරල ඇතුළු ගම්මාන රැසක ජනතාව දෛනිකව ගමන් කරති.

බෙම්බඩ කනිෂ්ඨ විද්‍යාලය, යටලමත්ත මහා විද්‍යාලය, නාගොඩ රාජකීය ජාතික පාසල ඇතුළු පාසල් රැසක දරුවෝ විශාල සංඛ්‍යාවක් ද මාර්ගයේ දෛනිකව ගමන් කරති.

එපමණක් නොව ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ගය වන අමු තේ දළු, රබර් සහ කුළු බඩු තදාසන්න නගර වෙත ප්‍රවාහනය කරනු ලබන්නේ ද මේ මාර්ගය හරහාය. මහජන නියෝජිතයන් අවස්ථා ගණනාවක දී දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා කිසිදු විසඳුමක් නොලැබුණු බව පවසන ගම්වාසී ජනතාව මාර්ගය කඩිනමින් සංවර්ධනය කර දෙන ලෙස වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ඡායාරූපය-පෝද්දල සමූහ නන්දසේන ගමගේ


නව අදහස දක්වන්න

Or log in with...