අරක්කු බෝතල 100ක් සමඟ වීරපුර 3ක් අත්අඩංගුවට | දිනමිණ

අරක්කු බෝතල 100ක් සමඟ වීරපුර 3ක් අත්අඩංගුවට

මදුරන්කුලිය හා ඒ අවට පෙදෙස්වලට අවශ්‍ය හොර අරක්කු නිපදවීම පිණිස ආමකුලිය වීරපුර ප්‍රදේශයෙහි පවත්වා ගෙන ගිය හොර ස්කාගාරය පසුගිය සිකුරාදා පස්වරුවේ වටලා අරක්කු පෙරමින් සිටි තිදෙනකු අරක්කු බෝතල සියයක් සමඟ පෙරුම් උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගත් බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.

පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා වෙත ලැබි තිබු තොරතුරක් අනුව පුත්තලම දිසා විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලිම සිදු කර තිබුණි. නිලධාරින් එම හොර ස්කාගාරය වෙත ගිය විට සැකකරුවන් තුන් දෙනා එහි සිට අරක්කු පෙරමින් සිටි බවත් ඒ වන විට අරක්කු බෝතල 100ක් පෙරා තිබිය දි සොයා ගත් බවත් කියයි .

ඒ සමඟම ගැස් ලිප් එකක් ගැස් සිලින්ඩරයක් හා ගෝඩා පල් කිරි පිණිස භාවිත කරන යකඩ බැරල් තොගයක් දඹ දඟරයක් ද මෙහි තිබි අඩංගුවට ගෙන ඇත.

මුන්නේශ්වරම සමුහ ඊ. සී. ප්‍රනාන්දු

නව අදහස දක්වන්න