මගී බස්වල රූපවාහිනි යන්ත්‍ර තහනම් කරන්න | දිනමිණ

මගී බස්වල රූපවාහිනි යන්ත්‍ර තහනම් කරන්න

සියළුම මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කරනැයි ඉල්ලීමක් කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය විසින් සිදු කරනු ලැබේ. 
 
එම සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය, 
 
 
මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පළමුව අපගේ ස්තුතිය පුදකරන්නෙමු.
 
රූපවාහිනි යන්ත්‍ර හේතු කරගෙන රියදුරුගෙ අවධානය වෙනතකට යොමු විම, රූපවාහිනියේ ඇතැම් දර්ශන මගින් අපහසුතාවයකට පත්කිරිම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
 
2010 වසරේ "මහමග යන සැමට යහමග කියන මහමග ටී. වී." යන තේමාව යටතේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ආරම්භ කළ වැඩපිලිවෙළක් යටතේ බස් රථ සඳහා රූපවහිනි යන්ත්‍ර සවිකළ ද ඉන් අපේක්ශිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූයේ නැත.
 
කෙසේ නමුත්, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් එම තීරණය ගෙන තිබුණේ නිති විරෝධී පසුබිමක සිටය. එනම්, මෙරට ගුවන් විදුලි යන්ත්‍රය හැර වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණයක් භාවිතා නොකරනු ලබන බස් සේවාවක් ලැබීමට මෙන්ම ගුවන් විදුලි යන්ත්‍රය වුවද ශබ්දය (උපරිම ශබ්ද මට්ටම ඩෙසිබල් 80) අවහිරයක් නොවන ලෙස පාවිච්චි කරනු ලබන බස් රථයක ගමන් ගැනීමට මගීයන්ට හිමි අයිතිය උල්ලංඝනය කරමිනි.
 
කෙසේ නමුත්, නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය විසින් මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය තවදුරටත් පුළුල් විය යුතු බව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ අදහසයි.
 
එසේම නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය විසින් ගෙන ඇති මෙම තීරණය, බස්නාහිර ඇතුලු අනෙකුත් පළාත් ප්‍රවාහන අධිකාරින් සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අවධානය යොමු විය යුතු බව ද කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ අදහසයි.
 
එසේම මෙම ගැටළුව සම්බන්දයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමට ද කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය ලෙස අප බලාපොරොත්තුවෙන් සිටිමු.
 
ස්තුතියි,
 
මීට,
විශ්වාසී,
 
Colombo District Bus Passengers Association

අදහස් 2ක් ඇත

pls stop any kind of sound form TV,radio, etc..

නව අදහස දක්වන්න