කාන්තා රැදවියන් ගැන ඇමතිනියගේ මතය | දිනමිණ

කාන්තා රැදවියන් ගැන ඇමතිනියගේ මතය

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග කාන්තා රැදවියන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබීම සම්බන්ධයෙන් අද (13) නිවිතිගල තුත්තිරිපිටිගම පාලම සදහා මුල්ගල තැබීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ පිළිතුරු ලබා දුන්නාය.

“වහලය උඩ නොවෙයි කොහේ නැග්ගත් යන පිළිවෙළට යනවා මිසක් අපිට වෙනසක් කරන්ඩ බැහැ. ඕන කෙනෙකුට උද්ඝෝෂණය කිරිමේ අයිතිය අද මේ රටේ ඇති කරලා තියෙනවා.උද්ඝෝෂණය කරපුවාම වෙඩි තියන්නේ නැහැ ඉස්සර වගේ.

කවුරුත් අද මේ රටේ පිළි අරගෙන තියෙනවා බන්ධනාගාරය තුළ තවමත් නීති විරෝධී වැඩ කටයුතු කෙරෙනවා කියලා .ඒක මම කොහොම හරි පාලනය කරනවා.“ යනුවෙන් අමාත්‍යවරිය සදහන් කළාය.

නව අදහස දක්වන්න