ශ්‍රි ලංකාවට කඩුලු 03ක ජයක් - UPDATE | දිනමිණ

ශ්‍රි ලංකාවට කඩුලු 03ක ජයක් - UPDATE

ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවති 20යි 20 තරගයෙන් කඩුලු 03ක ජයක් වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම අද සමත් විය.

මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු කඩුලු පන්දුවාර 16යි පන්දු 04ක් තුල ලකුණු 98කට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් බිඳ දැමීය.

පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් කඩුලු 03ක් බිඳ දැමූ අතර අකිල ධනංජය සහ ධනංජය ද සිල්වා දකුණු අප්‍රිකානු කඩුලු 02 බැගින් බිඳ දැමීය.

ලකුණු 99ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 16ක් තුල ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලු 07ක් දැවී තිබියදීයි.

එහිදී පිළිතුරු ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස් කළේ හයේ පහර 02ක් සහ හතරේ පහර 04ක් සමඟින්.

විස්සයි විස්ස තරඟය අද රාත්‍රී 07ට - UPDATE

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ - ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතව තිබේ.

ICC තරඟ තහනමකට ලක්ව සිටි දිනේෂ් චන්දිමාල් අද තරඟයේදී නැවතත් ශ්‍රී ලංකා පිළට එක්වීමට නියමිතය.

ශෙහාන් මධුශංක සහ ජෙෆ්රි වැන්ඩසේ සංචිතයට කලින් නම් කර තිබුණ ද පසුව ඒ වෙනුවට ඉසුරු උදාන සහ කසුන් රාජිත ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගත්හ.

 

නව අදහස දක්වන්න