අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි | දිනමිණ

අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ, වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ තරමක වැඩිවීමේ හැකියාව තවදුරටත් (අද සහ හෙට) පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිදකුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

නව අදහස දක්වන්න