වැලිකඩ කාන්තා විරෝධතාව අවසන් - UPDATE | දිනමිණ

වැලිකඩ කාන්තා විරෝධතාව අවසන් - UPDATE

බන්ධනාගාර නිලධාරින් සමඟ පැවතී සාකච්ඡාවෙන් පසු විරෝධතාව අවසන් කිරීමට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් තීරණය කර තිබේ.

කාන්තා රැදවියන් තවමත් වහළය උඩ - UPDATE

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට නැග විරෝධතාවයක නිරත වී සිටින කාන්තා රැදවියන් තවදුරටත් එම විරෝධතාවයේ නිරත වී සිිටින බව වාර්තාවේ.

ඊයේ(13) පෙරවරුවේ සිට කාන්තා දවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට නැග මෙම විරෝධතාවය ආරම්භ කළහ.

මත්කුඩු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මෙම කාන්තා රැදවියන් පිරිස ඊයේ රාත්‍රියේ ද වහලය මතට වී විරෝධතාවයේ නිරතව සිටි ඇත.

මේ අතර ඊයේ පස්වරුවේ මෙම විරෝධතාවයේ නිරතව සිටින රැදවියන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් රැදවියන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

 


නව අදහස දක්වන්න

Or log in with...