හම්බන්තොට ගිනි නිවීමේ ඒකකයට ක්‍රිකට් ශූරතාවක් | දිනමිණ

හම්බන්තොට ගිනි නිවීමේ ඒකකයට ක්‍රිකට් ශූරතාවක්

වෘත්තීය ගිනි නිවන්නන්ගේ සංගමයේ මාතර ගිනි නිවීමේ ඒකකය ප්‍රථම වරට සංවිධාන කළ අන්තර් ගිනි නිවීමේ සේවා සය සමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට හම්බන්තොට වරාය ගිනි නිවිමේ ඒකකය සමත්විය. මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පසුගියදා පැවැති මේ තරගාවලියේ අනු ශුරතාව පොළොන්නරුව ගිනි නිවිමේ ඒකකය හිමිකරගත්තේය. තරගාවලියේ හොඳම පන්දු යවන්නා සහ පිතිකරු ලෙස හම්බන්තොට වරාය ගිනි නිවීමේ ඒකකයේ එල්. පී. එස් මදුසංඛ සහ එස්. එම් නස්ලි සම්මාන ලැබූහ.

මාතර ගිනි නිවීමේ ඒකකයේ කමිටුව විසින් සංවිධාන කළ මේ තරගාවලියට මෙරට ගිනි නිවීමේ ඒකක 14 කණ්ඩායම් සහභාගි වූ අතර ශුරතාවට සඳහා Forest Paradies Ella Holiday Resort අධිපති ඒ. ජේ කරුණාරත්න, අනු ශුරතාව සඳහා මිරිස්ස Tripal O Six Hotel අධිපති ප්‍රනීත් මනම්පේරී, SK Studio අධිපති පද්මන් මහත්වරුන්ගේ දායකත්වය ලැබී තිබිණි.

ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට නියෝජ්‍ය නගරාධිපති චතුර කරුණාරත්න, නියෝජ්‍ය නාගරික කොමසාරිස් නීලා පද්මිනී, මාතර ගිනි නිවීමේ ඒකකයේ ස්ථානභාර නිලධාරී ඩබ්ලිව්, ඒ. පී. ද සිල්වා මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

නව අදහස දක්වන්න