නැඟෙනහිර පළාත් කණ්ඩායම පැරා ක්‍රිකට් තරගාවලිය ජය ගනී | දිනමිණ

නැඟෙනහිර පළාත් කණ්ඩායම පැරා ක්‍රිකට් තරගාවලිය ජය ගනී

ජව්ෆර්කාන් මඩකලපුව සමූහ

වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අත්කර ගැනීමට නැඟෙනහිර පළාතේ උදයම් දෘෂ්ටි සංගමය සමත් විය.

තරගාවලියේ අවසන් තරගය උතුරු පළාතේ යාපනය දෘෂ්ටි ආබාධිත සංගම් කණ්ඩායම සහ උදයම් දෘෂ්ටි සංගමය අතර පැවැත්විණි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් උදයම් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කළ යාපනය කණ්ඩායම නියමිත ඕවර 10 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 63ක් රැස් කළේය. එම ඉලක්කය හඹාගිය උදයම් කණ්ඩායම ඕවර 8කදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 2ක් දැවී තිබියදීය.

තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානය සෙන්දුරමට හිමිවිය.

ඡායාරූපය - මඩකලපුව සමූහ

නව අදහස දක්වන්න