වත්මන් ආණ්ඩුවෙන් කලාවට සහ කලාකරුවාට සැලකිය යුතු සේවයක් වෙලා | දිනමිණ

වත්මන් ආණ්ඩුවෙන් කලාවට සහ කලාකරුවාට සැලකිය යුතු සේවයක් වෙලා

රංගන ශිල්පී චන්දන වික්‍රමසිංහ

අපිට මේ ආණ්ඩුවත් එක්ක කිසිම ගැටලුවක් නෑ. අපි මේ ආණ්ඩුවෙන් කලාව වෙනුවෙන් කරන සේවය අවතක්සේරු කරන්නේ නෑ. වත්මන් ආණ්ඩුවෙන් කලාවට සහ කලාකරුවාට සැලකිය යුතු සේවයක් වෙලා තියෙනවා කියන දේ මම විශ්වාස කරනවා. කලාකරුවන්ව ඇගයීමට ලක්කරනවා. සම්මාන දෙනවා. ඒ ගැන කිසිම ගැටලුවක් නෑ. සමහර අය කියනවානේ කලාවට දෙයක් කරන්නේ නෑ, කලාකරුවො ගැන බලන්නෙ නෑ කියලා. ඒ ඉතිං තියෙන කුහකකම. කලාකාරයො දැනගන්න ඕනෑ තමන්ට ලැබෙන මුදල්හදල් ඉතුරු කරගෙන ජීවත්වෙන්න. එහෙම නැතුව එන එන ආණ්ඩුවට බනින්නනේ ගොඩක් කලාකාරයො හදන්නෙ. ඒක සමහර කලාකාරයෝ කරන වැරැද්දක්. නමුත් මේ ආණ්ඩුව තුළ අපිට එහෙම කිසිම ගැටලුවක් නෑ. අපි ආණ්ඩුවට බරක් නැති කලාකාරයෝ. සංස්කෘතික අමාත්‍යංශය හරහා යම් යම් තරග පවත්වනවා. ඒවා කලාව වෙනුවෙන් කෙරෙන හොඳ දේවල්.

මට නම් කලාකරුවො පිළිබඳව ලොකු ගැටලුවක් දැනෙන්නෙ නෑ. කලාකරුවො දැනගන්න ඕනෑ ආණ්ඩුවට බැන බැන ඉන්නෙ නැතුව මහන්සිවෙලා හම්බ කරගන්න. මගේ මතය නම් පවතින කිසිම රජයකට බැනලා හරියන්නෙ නෑ. තමන් දැනගන්න ඕනෑ තමන් රැකෙන්න. ආණ්ඩුව කලාකරුවන් අගය කරනවා. සම්මානයට පාත්‍ර කරනවා. ගරුබුහුමන් දක්වනවා. ඒ දේවල් දිගින් දිගටම සිද්ධ වෙනවා.

නමුත් නර්තනය පැත්තෙන් කතා කරනවා නම් රට නියෝජනය කරන අපේ රාජ්‍ය නැටුම් කණ්ඩායම ගැන කියද්දි නම් කියන්න ඕනෑ .ඒ ගැන මේ ආණ්ඩුව මීට වඩා සොයා බැලිය යුතුයි. ඒ පිළිබඳ නම් සෑහීමකට පත්වෙන්න බෑ. ඒ වගේම නර්තන අනුමණ්ඩලය හරහා නර්තන ක්ෂේත්‍රය තුළ වෙන්නෙ මොනවද කියන එක ගැන අපිට පොඩි ගැටලුවක් තියෙනවා. කලාව පිළිබඳ කිසිම ගැටලුවක් නෑ. කලාකරුවන්ට වෙන සේවය පිළිබඳ කතාකරද්දි නර්තන අනුමණ්ඩලය ගැන අපි සෑහීමකට පත්වෙන්නෙ නෑ. පෞද්ගලික කෝන්තර පිරිමහන්න තමයි ගොඩක් කලාකරයො දේශපාලනය පාවිච්චි කරන්නේ. එතැනදි ආණ්ඩුවෙ වගකිවයුතු නිලධාරින් දැනගන්න ඕනෑ යම් යම් අකටයුතුකම් සිද්ධ වෙනවා නම් ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න. නිතරම ජනාධිපතිට, අගමැතිට හෝ ආණ්ඩුවට බැනලා වැඩක් නෑ.

 

නව අදහස දක්වන්න