තාප්පය කඩා වැටී වාහන 3කට හානි | දිනමිණ

තාප්පය කඩා වැටී වාහන 3කට හානි

අසේල කුරුළුවංශ

ශ්‍රී ලංකා යුද හමුදාවේ මහනුවර පිහිටි සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි විශාල තාප්පයක් ඊයේ (14) පස්වරුවේ කඩා වැටීමෙන් වාහන තුනකට දැඩි අලාභහානි සිදුව තිබේ.

මහනුවර වටුගොඩපිටිය වීදියේ මිඩ්ලන්ඩ් මාවතේ නවතා තිබූ වාහන තුනක් මෙම තාප්පයට යටවී තිබෙන අතර සිද්ධියෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැත. ඉතා පැරණි තාප්පයක් වන මෙය වර්ෂා තත්ත්වයත් සමඟ කඩා වැටී තිබෙන බවත් රථ වාහන ගාල්කර ඒවාහි හිමිකරුවන් එම ස්ථානයෙන් පිටව ගොස් සිටීම නිසා ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

නව අදහස දක්වන්න