හුස්ම ගත්ත වසර තුනක් | දිනමිණ

හුස්ම ගත්ත වසර තුනක්

මහා විහාර පුජා භුමිය සංරක්ෂණය හා සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ඊයේ(14) අනුරාධපුරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. පසුව ගරාවැටිමට ලක්ව අක්‍රමවත්ව තිබි යළි සංරක්ෂණය කරන ලද මහ මෙව්නා පුදබිමේ පිහිටි අංක 17 පොකුණ විවෘත කිරීමේ අවස්ථාවටද අගමැතිවරයා සහභාගි විය. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වටා පවතින ශෛලමය බැම්ම ප්‍රතිසංස්කරණය කැර විවෘත කිරිමද සිදු වුහ. දුටුගැමුණු රජතුමන් ඉදි කළ ලෝවා මහාපාසාදයේ(පොහොය ගෙය)ප්‍රතිසංස් කරණය කිරීමේ කටයුතුද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැතිඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමේ කටයුතු උත්සවාකාරයෙන් ආරම්භ කෙළේය. මෙහි කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සිදු කරනු ලබයි. මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පැවති මෙම අවස්ථාවට උතුරුමැද පළාත් ආණ්ඩුකාර එම්.පි ජයසිංහ,උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ, ඇමැති පී.හැරිසන්, ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මින් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න