අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 2002 වසරේදී අගමැතිවරයා ලෙස රෝම ප්රඥප්තියට අත්සන් නොකළ නිසා රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යාම වැළකුණු බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරළ පවසයි.
අධිකරණ භාර ඇමැතිවරිය හැටියට තමන් වගකීමක් ඇතිව කියන බවත් කිසිම කෙනෙක් විදුලි පුටුවට හෝ යුද්ධයට සම්බන්ධ රණවිරුවකු කිසිම අධිකරණයක් ඉදිරියට ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කෙළේ රත්නපුර දිස්ත්‍රික් සාමාදාන විනිශ්චයකාරවරුන් සඳහා පත්වීම් ලිපි ලබාදීම වෙනුවෙන් පැවති උත්සවයේදී අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක් වු ඇමැතිනිය මෙසේ ද සදහන් කළාය.
2002 රෝම ප්රඥප්තිය කියලා එකකට අත්සන් කරන්න අපේ අගමැතිවරයා හැටියට යෝජනා වුණා.හැබැයි එතුමා ඒකට අත්සන් කෙළේ නැහැ.අත්සන් කළා නම් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ විභාග වන නඩු වලට පාර්ශවකරුවන් වෙන්න ඉඩ තිබුණා.එහෙනම් අන්න යුද්ධය තුළ නොයකුත් ලෙස හංවඩු ගහපු චෝදනා ලැබු අපේ රණවිරුවන් ගෙනි යන්න තිබුණා.එදා ගත්ත තීරණය නිසා කිසිම රණවිරුවෙක් කිසිම අධිකරණයක් ඉදිරියට ගෙනියන්න බැහැ.
ඒ ගෙනි යනවා නම් ගෙනියන්න පුළුවන් එකම අය අපි විතරයි.ඒ ශ්‍රීලංකා අධිකරණයකට විතරයි. 2015 ජනාධිපතිවරණයේදී කිව්වේ අපේ නායකයා විදුලි පුටුවේ තියන්න හදනවා කියලා.මම වගකීමක් ඇතිව කියනවා මේ රටේ අධිකරණ භාර ඇමැතිවරිය හැටියට කිසිම කෙනෙක් විදුලි පුටුවට හෝ යුද්ධයට මොනයම් ආකාරයකට සම්බන්ධ රණවිරුවකු කිසිම අධිකරණයක් ඉදිරියට ගෙනි යන්න යුද්ධය මුවාවෙන් අවස්ථාවක් දෙන්නේ නැහැ.අපට පුළුවන් අපේ රටේ ප්‍රශ්න රට තුළ විසඳගන්න .අපට ඉතා හොද අධිකරණ පද්ධතියක් තිබෙනවා.බුද්ධිමත් උගත් විනිශ්චයකාරවරුන් අපේ රටේ ඉන්නවා.දැන් බොරු ප්‍රචාර යවනවා රණවිරුවන්ට දඩුවම් කරන්න හදනවා.යුද අධිකරණයට ගෙනි යන්න හදනවා කියලා යැයි ද ඇමැතිනිය වැඩිදුරටත් සදහන් කළාය.
නව අදහස දක්වන්න