තද සුළං හා තද වැසි සහිත කාලගුණය තවදුරටත් | දිනමිණ

තද සුළං හා තද වැසි සහිත කාලගුණය තවදුරටත්

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බවත් දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
 
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ඇති විය හැකිය. 
 
එසේම මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මි.මී 100ක පමණ තද වැසි ද කුරුණෑගල, ගාල්ල, මාතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබේ.

නව අදහස දක්වන්න