කාබුල් අධ්‍යාපන ආයතනයකට ප්‍රහාරයක් | දිනමිණ

කාබුල් අධ්‍යාපන ආයතනයකට ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ආසන්නයේ අධ්‍යාපන ආයතනයක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 67 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට පොලිසිය පවසන්නේ, අධ්‍යාපන ආයතනයේ ඉගැන්වීම් කටයුතු සිදුවන අතර පැමිණි බෝම්බකරු බෝම්බය පුපුරුවාගෙන ඇති බවයි.

මරණයට පත්වුවන්ගෙන් වැඩි පිරිසක් විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා අමතර පංතිවලට පැමිණි තරුණ තරුණියන් බවටයි විශ්වාස කෙරෙන්නේ.

කෙසේ වෙතත් තලේබාන් සංවිධානය පවසන්නේ, බෝම්බ ප්‍රහාරය තමන් සිදු නොකළ බවයි.

ඇෆ්ගනිස්ථානයේ සේවයේ නිරත රතු කුරුස නිලධාරීන්ගේ ආරක්ෂාව තවදුරටත් සහතික කළ නොහැකි බවට තලේබාන් සංවිධානය ප්‍රකාශ කර පැය කිහිපයක් ගතවීමෙන් පසු මෙම පිපිරීම සිදුවීම ද විශේෂත්වයක්.


නව අදහස දක්වන්න

Or log in with...