කල්පිටිය වෙරළට ගොඩ ගැසූ රසායනික අපද්‍රව්‍ය ඉවත් කරයි | දිනමිණ

කල්පිටිය වෙරළට ගොඩ ගැසූ රසායනික අපද්‍රව්‍ය ඉවත් කරයි

මිහිර විජේසේකර මාරවිල සමූහ

උඩප්පුව සිට කල්පිටිය දක්වා වෙරළ තීරයට ගොඩගසන ලද විදෙස් රටවල සහ මුහුදේ ගමන් ගන්නා නෞකාවළ භාවිත කරන බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය හා වෛද්‍ය උපකරණ කඩිනමින් ඉවත් කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි‍යේ නිලධාරීන් කටයුතු කරන ලදී.

වාරකන් සමය ආරම්භවීමත් සමඟ මුහුද රළුවීම හේතුවෙන් උඩප්පුව සිට කල්පිටිය දක්වා වෙරළ තීරයේ කිලෝමීටර් 20 කට ආසන්න දුර ප්‍රමාණයක වෙරළ තීරයේ තැනින් තැන මෙසේ අපද්‍රව්‍ය ගොඩගසා තිබිණි.

සේලයින් බෝතල්, සිලින්ජර්, විවිධ ඖෂධ වර්ග අඩංගු කුඩා ප්‍රමාණයේ බෝතල්, රසායනික ද්‍රව්‍ය සහිත කෑන් වර්ග, ප්ලාස්ටික් බෝතල් ඇතුළු ද්‍රව්‍ය රැසක් මේ අපද්‍රව්‍ය අතර විය.

මේ දිනවල පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස අපද්‍රව්‍ය ගලාඒමට ඉඩ ඇති බැවින් වෙරළ තීරයේ පවිත්‍රතා වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීහු පැවසූහ.

නව අදහස දක්වන්න