අවදානම් කලාප ගැන වැඩි අවදානයක් යොමු කරන්න | දිනමිණ

අවදානම් කලාප ගැන වැඩි අවදානයක් යොමු කරන්න

වැසි තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම් කරන බව කාලගුණ හා ආපදා අංශ විසින් දැනුම්වත් කර ඇති බැවින් අවදානම් කලාප කෙරෙහි වැඩි අවදානයක් යොමු කරන්නැයි වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අදාල නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (15) අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ පිළිබඳ පුළුල්ව කරුණු විමසා සිටියේය.

අවදානම් කලාපවල දිස්ති‍්‍රක් ලේකම්වරුන් මෙන්ම ප‍්‍රාදේශීය ලේකම්වරුන්ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර දිනපතා තොරතුරු ලබා ගැනීමක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස ඔහු උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම හදිසි අවශ්‍යතා සහිත ස්ථාන සම්බන්ධයෙන්ද කරුණු විමසූ අමාත්‍යවරයා ලේකම්වරයා වෙත දැනුම් දුන්නේ එම අවශ්‍යතාවන් ඇත්නම් ඒවා කඩිනමින් සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙසයි.

මෑත කාලය තුළ කාලගුණ හා අනෙකුත් අංශ විසින් ලබා දෙන අනාවැකි සියයට සියයක්ම සාර්ථක බවත්, එම තත්ත්වය තුළ ආපදා අවම කර ගැනීමට හැකියාව ලැබී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම ආපදා කළමනාකරණයේදී ශී‍්‍ර ලංකාව වඩාත් සාර්ථක කි‍්‍රයාධාමයකට අවතීර්ණ වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

නව අදහස දක්වන්න