IIHS සමඟ එක්වී යුරෝ­පයේ කායික චිකි­ත්ස­ක­වේ­දි­යෙක් වෙන්න | දිනමිණ

IIHS සමඟ එක්වී යුරෝ­පයේ කායික චිකි­ත්ස­ක­වේ­දි­යෙක් වෙන්න

IIHS සිය නවතම සහයෝගීතාව ෆින්ලන්තයේ Helsinki Metropolia University of Applied Sciences විශ්වවිද්‍යාලය සමඟ ඇති කර ගත්තේ තරුණ කායික චිකිත්සක සිසු සිසුවියන්ට කායික චිකිත්සකවේදී (Bachelors in Physiotherapy) උපාධියක් හිමි කර ගැනීමට සුවිශේෂ මඟක් සැළැසීම උදෙසාය. ලොව පුරා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් සුදුසුකම් ලත් කායික චිකිත්සකවේදියකුට විවිධ ජන ප්‍රජාවන් සහ රෝහල් සමඟ වෘත්තියේ නියැළීමේ හැකියාව පහසුවෙන්ම පවතී. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැළීම ඉතා ඉහළ ප්‍රතිලාභ ලැබීමට හේතු වන අතර ඉහළ වැටුප් සහ අමතර දීමනා රැසක් ලබමින් මතු පරම්පරාවක් උදෙසා තෘප්තිමත් සේවයක් සැපැයීමට කායික චිකිත්සකවේදී වෘත්තිය උපකාර වේ. කායික චිකිත්සකවේදීන්ට කර්මාන්ත සහ රිය අනතුරු, ක්‍රීඩා තරගවලදී ඇති වන තුවාල, කායික දුබලතා, රැකවරණය සහ වයෝවෘද්ධභාවය වැනි විවිධ අවස්ථාවලදී දායක විය හැකිය. ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාල තුනකින් කායික චිකිත්සකවේදය හැදැරීමට IIHS සිසු සිසුවියන්ට අවස්ථාව ලබා දෙයි.

මෑතකදී IIHS (www.iihsciences.edu.lk) වෙතින් Advanced Diploma in Physiotherapy සම්පූර්ණ කළ සමිතා ජයලත් මේ වන විට කායික චිකිත්සකවේදී උපාධිය ෆින්ලන්තයේ Helsinki Metropolia University of Applied Sciences විශ්වවිද්‍යලයේ සාර්ථකව හදාරමින් සිටියි. “IIHS ආයතනය දැන් ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ෆින්ලන්තයේ අධ්‍යාපනය ලැබීමට හොඳ මඟක් විවෘත කරලා තියෙනවා. මේ ඔස්සේ සමාජීය, ඓතිහාසික සහ සංස්කෘතික වශයෙන් දියුණු මහාද්වීපයක අධ්‍යාපනය ලැබීමෙන් අත්දැකීම් රැසක් ජීවිතයට එකතු කර ගන්න අවස්ථාව ලැබෙනවා. කායික චිකිත්සකවේදියෙක් ලෙස ෆින්ලන්තයේ ලියාපදිංචි වීමෙන් පසුව යුරෝපය පුරා සේවය කිරීමට මට සුවිශාල අවස්ථාවක් ලැබෙනවා.” ඇය අදහස් දක්වමින් පැවැසීය. වැඩි විස්තර දැන ගැනීමට IIHS වෙත පැමිණෙන්න. 0114654144 / 0768231831 අංකවලට අමතන්න.

නව අදහස දක්වන්න