ඕෂන් ලංකා සමා­ගම 5 එස් සහ­ති­ක­ර­ණය හිමි­කර ගනී | දිනමිණ

ඕෂන් ලංකා සමා­ගම 5 එස් සහ­ති­ක­ර­ණය හිමි­කර ගනී

ශ්‍රී ලංකාවේ විශාලතම ගොතන ලද රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන ඕෂන් ලංකා සමාගම 5 එස් සහතිකරණය හිමිකර ගැනීමට පසුගිය දා සමත් විය. ඉතා දැඩි පරීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව විශිෂ්ට ප්‍රතිඵල පෙන්නුම් කිරීම නිසා සමාගමට මේ සහතිකය පිරිනමා තිබේ.

කවදත් තිරසාරත්වයට මුල්තැන දෙන සමාගමක් වන ඕෂන් ලංකා සමාගම, තිරසාරත්වය සම්බන්ධ ලොව පිළිගත් ක්‍රමවේද තම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ස්ථාපිත කිරීමට නිරන්තරයෙන් කටයුතු කරයි. පාරිසරික, සමාජ හා ආර්ථීක යන පැතිමානයන් සම්බන්ධ ප්‍රවේශයක් අනුගමනය කරන එම සමාගම සෑම විටම තිරසාර අමුද්‍රව්‍ය පමණක් භාවිත කිරීමට දැඩි පියවර ගෙන ඇත. උදාහරණයක් ලෙස සමාගම තම රෙදිපිළි සඳහා භාවිත කරන්නේ ගෝබල් ඕගනික් ටෙක්ස් ටයිල් ප්‍රමිතීන්ට මෙන්ම බෙටර් කොටන් ඉනිටිවේටිව් ප්‍රමිතීන්ට අනුකූල කපුය.

තම තිරසාරත්ව වැඩසටහනේ කොටසක් ලෙස ඕෂන් ලංකා සමාගම 3 ආර් එස් සංකල්පය භාවිත කරන අතර එම උත්සාහය වෙනුවෙන් සමාගමට සම්මාන හා ඇගයුම් රාශියක් හිමිවී තිබේ. තම ව්‍යාපාර කටයුතුවල දී බලශක්තිය සහ ජලය වැනි ස්වාභාවික සම්පත් පරිභෝජනය අවම කරමින්, දිරා නොයන අපද්‍රව්‍ය බිහිවීම අවම කිරීමට සමාගම කටයුතු කරන අතර ඉදිරි වසර 5 තුළ දී තම කර්මාන්තශාලා තුළින් නිකුත් වන හරිතාගාර වායු සැලකිය යුතු මට්ටමින් අවම කිරීමටද සැලසුම් සකස් කර ඇත.

නව අදහස දක්වන්න