ඉන්දුනීසියාවේ ජකර්තා 2025දි ගිලා බසිනවා පර්යේෂකයෝ කියති | දිනමිණ

ඉන්දුනීසියාවේ ජකර්තා 2025දි ගිලා බසිනවා පර්යේෂකයෝ කියති

ඉන්දුනීසියාවේ ජකර්තා නගරය 2050 වර්ෂය වන විට මුළුමණින්ම ගිලා බසිනු ඇති බව පර්යේෂකයෝ පවසති. ඔවුන් මෙසේ පවසන්නේ ලොව වේගයෙන්ම ගිලා බසින නගරය ලෙස මිලියන 10 ක ජනයා ජීවත්වන ඉන්දුනීසියාවේ අග නගරය නම් කරමිනි.

වගුරු බිමක නිර්මාණය වී ඇති ජකර්තා නගරය සීමාවේ ජාවා මුහුද පිහිටා ඇති අතර ගංගා තුනක් නගරය හරහා ගලා යයි. නිරන්තර ජල ගැලීම් වලට ලක් වීම හේතුවෙන් මේ නගරය අතුරුදන්වීමේ අවදානමට ලක් වී ඇති බව පර්යේෂකයෝ සඳහන් කරති.

ජකර්තා නගරයේ උතුරු කොටස පසුගිය වසර 10 තුළ මීටර් 2.5 ක් ගිලා බැස තිබේ. එසේම සමහර ප්‍රදේශ වසරකට සෙ.මි. 25 ක් පමණ ගිලා බසී. එය ලෝකයේ මුහුද ආසන්නයේ පිහිටා ඇති නගරවල ගිලා බැස්මේ සාමාන්‍යය මෙන් දෙගුණයකි.

 

නව අදහස දක්වන්න