මිලි­යන 2500ක විය­ද­මින් රත්නපු­ර­යට අංග­ස­ම්පුර්ණ අධි­ක­රණ සංකී­ර්ණ­යක් | දිනමිණ

මිලි­යන 2500ක විය­ද­මින් රත්නපු­ර­යට අංග­ස­ම්පුර්ණ අධි­ක­රණ සංකී­ර්ණ­යක්

රත්නපුර අධිකරණ භූමියේ නව අංඟ සම්පූර්ණ අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීමට පියවර ගත්තේ ‍මැතිවරණ ඉලක්ක කරගෙන හෝ ජනප්‍රිය වීමට නොවෙයි.රත්නපුර දිස්ත්‍රික්කයේ අවශ්‍යතාවක් ඉටු කිරීමට යයි අධිකරණ සහ ප්‍රතිසංස් කරණ ඇමතිණී කලතා අතුකෝරල මහත්මිය 10 පැවසුවාය.

අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස් කරණ ඇමතිවරිය එසේ ප්‍රකාශ කර සිටියේ මිලියන 2500ක වියදමින් රත්නපුර නව නගරයේ ඉදිකරනු ලබන අධිකරණ සංකීර්ණයට මුල්ගල් තබමිනි. අග්‍ර විනිශ්චයකාර ජනාධිපති නීතිඥ ප්‍රියසාද් ඩෙප් , අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතු‍කෝරල,ශ්‍රීලංකා නීතිඥ සංගමයේ සභාපති යු.ආර් ද සිල්වා නීතිපති වරයා ඇතුළු ආරාධිත අමුත්තන් අතින් මුල් ගල් තැබීම සිදුවිය. තවදුරටත් රත්නපුර දිස්ත්‍රික්කයේ අධිකරණවල විනිසුරු වරුන් ,නීතිඥ මහතුන් සහ අධිකරණවල සේවයේ නියුතු නිලධාරී මහත්ම මහත්මීන් ඇමතු තලතා අතුකෝරල මහත්මිය මෙම අධිකරණය ඉදිවනවාට අකමැති පිරිසක් රත්නපුරේ අධිකරණ තිබියදී මේ තරම් විශාල මුදලක් වැය කර අධිකරණ සංකීර්ණයක් ඉදිකරන්නේ ඇයි දැයි ජනාධිපතිතුමාට ලිපියක් යවා තිබුණා. එම ලිපියේ පිට පතක් මටත් එවා ‍ තිබුණා, මා අධිකරණ අැමතිවරිය වශයෙන් වැඩ බාර ගත් පසු මේ අධිකරණයට පැමිණියා. මා නීතිඥසංඟමයෙන් මොනවාද අවශ්‍ය කියා ඇසුවාම මගෙන් ඉල්ලා සිටියේ පුටු පමණයි. අඩු පාඩුකම් රැසක් තිබියදී මේ තරම් පොඩි ඉල්ලීමක් පමණක් ඉදිරිපත් කිරීම සම්බන්ධව පුදුමයට පත්වු බව කීවාය.

ආර්.ප්‍රේමදාස මහතා අගමැතිව සිටියදී ජේ.අර්. ජයවර්ධන මහතාගේ සහය ඇතිව මීට වසර 33කට පෙර රත්නපුර නව නගරය ඉදිකරණ අවස්ථාවේ ‍දැනට තිබෙන අධිකරණය සඳහා ගොඩනැඟිලි ඉදි කලා . ඉන් පසුවයි අද රත්නපු‍රේ අද ඉදිකරණ සංකීර්ණයක් රත්නපුරේ ඉඳිකිරීම් .ආරම්භ වන්නේ. අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කලාම සති දෙකක් වැනි කෙටි කාලයක් තුල ජනගහණය අනුව අවශ්‍යතා තේරුම් ගෙන අනුමතිය ලබා දීම සම්බන්ධව ජනාධිපති තුමාටත්, අගමැති තුමාටත්, ස්තුතිය පුදකරන බවකී අමාත්‍ය වරිය මේ සඳහා මුදල් ලබාදුන් මුදල් අමාත්‍ය වරයාට ස්තුතිය පුද කරන බවත් පැවසුවාය..

රත්නපුර නව අධිකරණ සංකීර්ණය වසර තුනකින් ඉදිකර අවසන් කෙරෙනවා . මේ කාලය වන විට මා අමාත්‍ය දුරයේ ඉන්න පුළුවන් සමහරවිට නැතිවන්නත් පුළුවන් යයි කී තලතා අතුකෝරල මහත්මිය නීතිඥ මහතුන්ට ඇති ගැටළු සහ අධිකරණවල ඇති ප්‍රශන් සමබන්ධයන් මා නීතිඥ මහතුන් සමග සාකච්ඡා කලා ඒ අවස්ථාවේදී සමහර නීතිඥ මහතුන් හැසිරුණ ආකාරය ගැන මා කනගාටුවනවා. ජේෂ්ඨ නීතිඥ මහතුන් නවක නීතිඥයින්ට ආදර්ශයක් වන අන්ඳමින් කටයුතුකල යුතු යයිද කීවාය.අග්‍රවිනිසුරු තුමන්ගෙන් සහ නීතිඥ සංගමයේ නිලධාරීන් මෙම කටයුත්තේදී ලබාදුන් සහය පිළිබඳව අමාත්‍යවරිය ස්තුතිය පුදකර සිටියාය.

නීතිපති ජයන්ත ජයසුරිය, සබරගමුව පලාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක ,අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් .එම්.එම්.ආර්.අදිකාරි, පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.ඒ.විජේතුංග යන මහත්ම මහත්මීන් විනිශ්චයකාරවරුන්, නීතිඥයින් ,අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ,අධිකරණ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

සමන්තා කංකානම්ගේ

නව අදහස දක්වන්න