මහි­යං­ගණ- කන්ද­කැ­ටිය ගොවීන්ට ‘පැර­ෂුට්’ ක්‍රම­යට වී වගාව කියා දෙයි | දිනමිණ

මහි­යං­ගණ- කන්ද­කැ­ටිය ගොවීන්ට ‘පැර­ෂුට්’ ක්‍රම­යට වී වගාව කියා දෙයි

රජය මගින් හදුන්වාදී ඇති ජාතික ආහාර නිෂ්පාදිත වැඩසටහනට සමගාමිව ඉහළ ආදායමක් ලබා ගත හැකි වී වගා ක්‍රමයක් වන පැරෂුට් ක්‍රමයට වී වගා කිරීමේ වැඩසටහනක් කන්දකැටිය හා මහියංගණ ගොවි ජන සේවා කොට්ඨාසවල ක්‍රියාත්මක කිරීමට ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මේ වන විටත් මහියංගණ සහ කන්දකැටිය කොට්ඨාස දෙකේ ජනතාව දැනුවත් කිරීමේ ආදර්ශ වගා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇතැයි කන්දකැටිය කෘෂිකර්ම උපදේශක කේ. ජී. එස් . සුදර්ශන මහතා පැවැසීය.

ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඒ එම් ඩී අතපත්තු , මහියංගණ සහකාර කෘෂීකර්ම අධ්‍යක්ෂ නිලන්ත සරත් කුමාර මහතා ඇතුළු නිලාරීන්ගේ උපදෙස් හා මග පෙන්විම මත මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇති අතර මහියංගන හා කන්දකැටිය ගොවි ජන බල ප්‍රදේශයේ වෙසෙන විශාල ගොවි පිරිසක් මේ වන විට මේ වගා ක්‍රමයට යොමුවී සිටින බවද කෘෂිකර්ම උපදේශකවරයා වැඩිදුරටත් පැවැසීය .

 

 

මීගහකිවුල සමූහ

 


නව අදහස දක්වන්න

Or log in with...