ගෙවුණු වසර තුන මාධ්‍යවේදීන්ට නිදහස් හුස්ම | දිනමිණ

ගෙවුණු වසර තුන මාධ්‍යවේදීන්ට නිදහස් හුස්ම

මාධ්‍යවේදීන් නිදහසේ හුස්ම ගත් වසර තුනක් ගෙවී ගියේය. පසුගිය රජය සමයේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුයේ සිය පෑන පැවති ආණ්ඩුවට එරෙහිව මෙහෙයවූ නිසාය. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වූයේ ඔහූ ලියූ දේ නිසාය. කීත් නොයර්, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත දරුණු පහරකෑමට ලක් වූයේ සිය පෑන රාජපක්ෂ රෙජිමයට එරෙහිව හැසිර වූ නිසාය. මාධ්‍යවේදීන්ගේ පෑන සුදු වෑන් සංස්කෘතියෙන් බොඳ වී තිබිණි.

වර්තමාන යහපාලන ජාතික රජය බලයට පත් වූ පසු මාධ්‍යවේදීන්ට රිසි‍ සේ පෑන මෙහෙයවීමේ අවකාශය ලැබිණි. සුදු වෑන්වලින් රැගෙන යාවි යැයි බියක් දැන් නොමැත. වර්තමාන ජනමාධ්‍ය සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ජනමාධ්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරුන්ගේ මැදිහත්වීම මත පොලිය සම්පුර්ණයෙන්ම රජය ගෙවන මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමයෙන් ජනමාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය උපකරණ මිලට ගැනීම සඳහා රුපියල් ලක්ෂ තුනක ණය ලබා දීම සිදු කරයි. හිටපු ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක වුයේ ජනමාධ්‍යවේදින්ට අවශ්‍ය සියලුම තොරතුරු දැන ගැනීමේ අවකාශය ලබා දෙමිනි.

ජනමාධ්‍ය නිදහස යනු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයයි.

නව අදහස දක්වන්න